Sinhala

3000 ශ්‍රී ලංකා වාර්තාව නිලානී නැවත අළුත් කරයි – එහි පිරිමි රන් පදක්කම ආර් එම් එස් ට

මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව නැවත තමන් අලුත් කිරීමට නිලානි රත්නායක අද සමත්විය.

ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇය 9:55.59 කාලයකින් තරගාය ජයගනිමින් දෙවැනි රන් පදක්කම දිනා ගත්තාය.

මීට ඉහත නිලානී මීටර් 1500 කාන්තා ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

මිනිත්තු 10 කට අඩු කාලයකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් තරගයක් අවසන් කළ පළමු අවස්ථාව ලෙසද මෙය සඳහන් කළ හැක.

3000 බාධක දිවීමේ රන් පදක්කම ආර්.එම්.එස්.ට 

එම ඉසව්වේ පිරිමි තරගයේ  රන් පදක්කම දිනා ගැනීමට ආර්.එම්.එස්. පුෂ්පකුමාර සමත් විය.

8:59.70 ක කාලයකින්, ඔහු මෙම ඉසව්ව ජයගත්තේ මෙවර තරගාවලියේ හිමිකරගත් දෙවැනි පදක්කම ලෙසයි.

මින් ඉහත, මීටර් 5000 ඉසව්වේදී පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ඔහු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

මීටර් 800 කාන්තා රිදී ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට 

මීටර් 800 කාන්තා ඉසව්වේදී බලාපොරොත්තුවූ ඉහළ දක්ෂතා දැක්වීමට නිමාලී ලියනාරච්චිට හා ගයන්තිකා අබේරත්න සමත්වූවේ නැත.

නිමාලී 2:07.95 කාලයකින් රිදී පදක්කම දිනාගනිද්දී, 2:08.27 කාලයක් වාර්තා කරමින් ගයන්තිකා ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුවාය.

මීටර් 100 සහාය දිවීමෙන් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

මෙම තරගාවලියට සහභාගීවූ සහාය දිවීමේ කණ්ඩායම් වෙත කාගේත් අවධානය යොමුවිය.

ඒ මීටර් 100 පිරිමි ඉසව්වට සහභාගීවීමට නියමිත වූ හිමාෂ ඒෂාන් තරගයට සහභාගීවීම සැකසහිත වීම හේතුවෙනි.

කෙසේ වෙතත්, ඔහු අද තරගයට සහභාගීවීම හේතුවෙන්, තත්ත්පර 39.71 ක දක්ෂතාවක් දැක්වමින් රිදී පදක්කම දිනාගැනීමට ඔවුනට හැකිවිය.

ඉන්දුනීසියාව මෙම ඉසව්ව තත්පර 39.07 ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

මීටර් 400 සහාය දිවීමේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට 

මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ දී, සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකිවිය.

ලෝකඩ පදක්කම දිනා ගත්ත ද, ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී වාර්තා කළේ මිනිත්තු 3:08.26 කාලයක් වේ.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී වාර්තා කළ කාලය මිනිත්තු 3:08.26 ක කාලයකි.

ඉහත ඉසව්වලට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තුන්පිම්ම පිරිමි ඉසව්වට සංජය ජයසිංහ සහභාගී විය.

නමුත් ඔහු ද උපරිම දක්ෂතා අතරට නොපිවිසීම හේතුවෙන්, තරගය අවසන් කළේ සිව්වැන්නා ලෙසවේ.

සංජය අද දැක්වූ දක්ෂතාව මීටර් 15.49 ක් ලෙස දැක්විය හැක.
GOLD – Nilani Rathnayake – 3000m St.Chase – 9:55.59sec NEW SRI LANKA RECORD
GOLD – RMS Pushpakumara – 3000m St.Chase – 8:59.70sec
SILVER – Nimali Liyanarachchi – 800m – 2:07.95sec
BRONZE – Gayanthika Abeyratne – 800m – 2:08.27sec
SILVER – 100×4 SL team – Ashrafu, Shehan, Vinoj, Himasha – 39.71sec
BRONZE – 400×4 SL team – Tharusha Dhananjaya/ Kalinga Kumarage / N Rajakaruna / Dilip Ruwan – 3:08.26sec
4th – Triple Jump – Sanjaya Jayasinghe – 15.49m

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

2 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

2 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

4 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago