Categories: Latest NewsSinhala

ජාතික ක්‍රීඩා උළෙල ලැජ්ජාව හා ජයග්‍රහණ සමග නිමා වෙයි; නිළධාරීන්ගේ වල ඉහ ගැනීම අසාර්ථකයි

ජාතික මහා ක්‍රීඩා උළෙල බස්නාහිර පළාතට වැඩි ගෞරව හිමිකර දෙමින් මාතර කොටවිලදී අද අවසන් විය.

තුන් පිම්මෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවු විදූෂා ලක්ෂානි හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුනේ දුර පැනීම ඉසව්ව මීටර 7.83 ක දක්ෂතාවක් දැක්වූ මධ්‍යම පළාතේ ජනක ප්‍රසාද් විමලසිරි ක්‍රීඩකයායි.

තරගාවලියේ සමාප්ති උළෙල වාර්ජනය කිරීමට ක්‍රීඩා නිළධාරීන් පියවර ගැනීමත් සමග, ක්‍රීඩා උළෙලේ සමාප්තිය මත ගැටුමක් සමගින් අවසන් විය.

ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව වූයේ වසර 10 කට පමණ පසුව ආසියානු පදක්කමක් ජයගනිමින් පසුගිය වසරේ වේගවත්ම ක්‍රීඩිකාව වූ රුමේෂිකා රත්නායකට තරග වැදීමේ අවස්තාව ලබා දීමයි.

ඇය හා මීටර් 800 ශූරී නිමාලි ලියනාරච්චි, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමවගය මගින් ලබා දුන් පුහුණු වැඩ මුලුවකට සහභාගී වීමට ජපානය⁣ට ගොස් සිටි අතර, මීටර් 200 හා මීටර් 100 සහාය දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වීමේ අවස්තාවද නොලැබීය.

ඇය හා නිමාලී ලියනාරච්චි ඊයේ(23) පස්වරු 5.30ට මෙරටට පැමිණීම⁣ට නියමිත විය. ඒ අනුව තරගාවලියේ එක් ඉසව්වකට හෝ සහභාගී වීමට ඔවුන් ඉල්ලීමක් කර තිබේ. බොහෝ ජාතික තලයේ ක්‍රීඩකයන් ජාතික මහා ක්‍රීඩා උළෙල මග හැරියද ⁣නිමාලි හා රුමේෂිකා සහභාගී වීම පැසසුමට ලක් විය යුතුය.

ක්‍රීඩා නීති උල්ලංගණය කළ බවට අභි⁣යෝග කරමින්, පුද්ගලික හේතුන් මත ක්‍රීඩාවට හා ක්‍රීඩිකාවකට එරෙහිව මෙවන් විරෝධතාවක් දැක්වීම ලැජ්ජා සහගතය. ක්‍රීඩා උ⁣ළෙල පැවැත්විමට අවශ්‍ය යටිතල පහසුකම් හා ක්‍රීඩාංගණ යෝග්‍යතාව නොමැතිව තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වූයේ නම් කම් නැත. නමුත් සුලුතරයක් වු මොවුනගේ උත්සාහය වූයේ, කලකට පසුව මෙරටට දායාද වූ ක්‍රීඩිකාවකගේ ක්‍රීඩා දිවිය සමගින් සෙල්ලම් කිරීම වීම දෛවයේ සරදමකි.

ඒ ඔවුනද ක්‍රීඩකයන්වීම නිසාවෙනි.

මෙම විරෝධතාවට බොහෝ ක්‍රීඩා නිළධාරීන් අප්‍රසාදය පල කලද වවුලාගේ ගෙදර සිටීමේ න්‍යායෙන් සිටිනු දැක ගත හැකි විය. ක්‍රීඩා නිළධාරීන් ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශය උත්සාහ කළ යුත්තේ දේශීය ක්‍රීඩා බිමේ ඔලිම්පික් උළෙලට ආලෝකයක් ලබා දීමට ජාතික හා ජාත්‍යන්තර තලය දිග්විජය කල දරු දැරියන් ඉදිරිපත් කිරීමට උත්සුක වීමයි. මෙවැනි ක්‍රියා මගින් සිදුවන්නේ මලල ක්‍රීඩාව වල පල්ලට වැටීම හා එය නොවැලැක්විය හැකි තත්වයකට පත්වීමයි

ඔවුනට අනුව රුමේෂී මූලික වටයට සහභාගී නොවීම වරදකි. නමුත් ඇය ඉහත සඳහන් කල පුහුණු වැඩමුලුවට සහභාගී නොවී සිටියානම් මීටර් 200, 100×4 සහාය දිවීමෙන්ද පදක්කම් හිමිකරගන්නවා නො අනුමානය.

එසේ වූයේ නම් මොවුන් ක්‍රීඩා උළෙලෙි පහන අල්ලගෙන විරෝධතා දක්වනු ඇත.

අද පෙරවරුවේ පැවති උස පැනීමේ පිරිමි ඉසව්⁣වේදී ක්‍රීඩාංගණයෙි යෝග්‍යතාව මොනවට පැහැදිලි විය. එම අවස්තාවේ අතලොස්සක්වූ විරෝධතාව මෙහෙයවූවන් නිද්‍රා සහගතව සිටියාද ? තුන්පිම්ම කාන්තා අවසන් තරගය හදිසියේ ක්‍රීඩාංගණයේ අනක් කෙලවරට ගෙන යද්දී ඔවුන් සිටියේ කොහිද ? මලල ක්‍රීඩාව ජනප්‍රියම ක්‍රීඩාව කිරිම කෙසේ වෙතත් ක්‍රීඩක ක්‍රීඩිකවෙන් අතර මෙය අප්‍රියම ක්‍රීඩාව වන්නේ, මෙවන් අවස්තාවාදී පුද්ගලයන් කිහිපදෙනා හේතුවෙනි.

වැරැද්ද දැක දෑස් අඩවන්ව සිටින පුද්ගලයන් පිරිසක්, කල දුටු කල වල ඉහ ගැනීම හෙලා දැකිය යුතුය.

මෙරට වේගවත්ම ක්‍රීඩිකාව පැය 9 ක ගුවන් ගමන් මහන්සිය අමතක කර, තරග වැදීම වරදක් නම්, ඇය හෙට වුවත් ඔය පදක්කම භාර දෙනු ඇත. නමුත් භාර ගන්නට පැමිණිය යුත්තේ ඉහත සඳහන් කල අමනෝඥ්ඥ නිළධාරියෙකි. මන්ද තරගයට සහභාගී වූ ක්‍රීඩිකාවන්ගේ හෘද සාක්ෂිය ඊට ඉඩ නොදෙනු ඇත.

ආසියානු ගෘහස්ත තරගාවලියට සහභාගීවූ ක්‍රීඩාකයන්ද සමාන ඉල්ලීමක් කර තිබිණ, එවිට අමාත්‍යංශ බළධාරීන් එකඟ නොවීම මත අමාත්‍යවරයා දක්වා ගැටලුව ගෙන යෑමට සිදුවිය.

ඉඳුනිල් හේරත් 800 ආසියානු ගෘහස්ත රිදී පදක්කම් ලාභියාට හා 800 රන් පදක්කම් ලාභිනියට පෙරවරු 7ට මෙරටට ගොඩ බැස පෙරවරු. 10 ට පමණ 800 මූලික වටයට සහභාගී වීමට සිදුවිය. ඔවුන් දෙදෙනාම රන් පදක්කම් හිමිකරගැනීමට සමත් විය.

පාසල් අන්තර් නිවාස තරගාවලියේ සිට ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා තරගාවලි පවත්වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විනා, නිළධාරීන්ට නොවන බව ලෝක සම්ප්‍රදායයි. නමුත් මෙරට වෙසෙන අතලොස්සක් හේතුවෙන්, ක්‍රීඩකයන්ට හිමිවන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි.

කරුමය යනු මේ බහුතරයද මෙරට ජාතික තලය නියෝජනය කල ක්‍රීඩකයන් වීමය.
සංවාදයට විවෘතයි.

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

4 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

4 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

6 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago