400 ඔලිම්පික් තරුව විසිවෙයි,19 හැවිරිදි ක්‍රීඩිකාවට රිදී පදක්කම; රන් ඇමරිකාව⁣⁣ට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ තවත් පෙරළියක් සිදු කිරීමට ඇමරිකාවේ 25 හැවිරිදි ක්‍රීඩිකාවක් සමත්විය. මීටර් 400 කාන්තා ඔලිම්පික් ශූරිය හා රිදී පදක්කම් ලාභිනියද පරදවා රන් පදක්කම හිමිකරගැනීම⁣⁣ට සමත් වෙමිනි. 

පිලිස් ෆ්‍රැන්සිස් එහිදී රන් පදක්කම දිනාගත්තේ ඇයගේ පුද්ගලික හොඳම කාලයද සමගින් වේ. තරගයේ අවසන් මීටර 30පමණ තෙක් ඔලිම්පික් රන් පදක්කම් ලාභිනිය වූ ශෝන් මිලර් පෙරමුණේ පසුවූයේ ඇමරිකාවේ ඇලිසන් ෆිලික්ස් දෙවැනි ස්ථානයේ තබමිනි. ශොන් මිලර් හා ෆිලික්ස් අතර රියෝ ඔලිම්පික් උළෙලේදී ද ද්වන්ද සටනක් ඇති වුවත්, මිලර් එහිදී ජය තහවුරු කළේ ජයග්‍රාහී රේඛාව වෙත පනිමිනි.

නමුත් අද මිලර්ට අවාසනාව හරස්විය. ඇයගේ වම් පාදයේ හටගත් ආබාදයක් හේතුවෙන් මිලර්ට ජය කණුව ලෙනි ලෙනී  පසු බැසීමට සිදුවිය.තරගය වර්ශාව මධ්‍යයේ පැවත්වීම හේතුවෙන් ක්‍රීඩිකාවන් තරග වැදුනේ අපහසුවෙනි. මිලර්ගේ පසු බැසීමේ වාසිය උපරිම ලෙස ලබාගත් රන් පදක්කම් ලාභිනිය වූ ෆ්‍රැන්සිස්, ඇලිසන් ෆිලික්ස් අභිබවා පෙරමුණට පැමිණෙද්දී, පළමු ක්‍රීඩාකාවන් පස් දෙනා අතරවත් නොසි⁣ටි බහරේනයේ සල්වා ඊද් නසාර් ද වෙිගවත් තරග අවසානයක් සටහන් ක⁣ලාය. 19 හැවිරිදි වියේ පසුවන නසාර්, නයිජීරියාවේ උපන් ක්‍රීඩිකාවක් වන අතර, අද දෙවැනි ස්ථානය ලබාගනිමින් රිදී පදක්කමට හිමිකම් කීමට සමත්විය. අද අය වාර්තා කළ කාලයද නසාර්ගේ පුද්ගලික හොඳම කාලයයි.

ලෝක මලල ක්‍රීඩා අඹරේ ජය කෙහෙළි නැංවූ ඇමරිකාවේ ඇලිසන් ෆිලික්ස්ට ලෝකඩ පදක්කමින් සෑහීම⁣⁣⁣ට පත්වීමට සිදුවූවාය.

#400m|| Olympic Champion Miller finished 4th after leading the race for 380, Defending Champion Allyson Felix in third place 

1. Phyllis FRANCIS USA 49.92 PB 

2. Salwa Eid NASER BRN 50.06 NR

3. Allyson FELIX USA 50.08

4. Shaunae MILLER-UIBO BAH 50.49

5. Shericka JACKSON JAM 50.76

6. Stephenie Ann MCPHERSON JAM 50.86

7. Kabange MUPOPO ZAM 51.15

8. Novlene WILLIAMS-MILLS JAM 51.48

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org