මලයාසියා විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක් හා රිදී පදක්කමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ සිව් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් විය.
එහිදී උපමාලිකා රත්න කුමාරි ක්‍රීඩිකාව පුද්ගලික හොඳම කාලය (තත්.53.88) වාර්තා කරමින් මීටර් 400 කාන්තා රන් පදක්කම දිනා.ගැනීම විශේෂත්වයක් විය. 

එසේම, සම්පත් රණසිංහද හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා ගත්තද ඔහු එහිදී දැක්වු මීටර් 70.17 ක දක්ෂතාව ගැන සෑහීමට පත්විය නොහැක.

ඊට අමතරව මීටර් 1500 පිරිමි ඉසව්වෙන් දමිත් හේමන්ත කුමාර රිදී පදක්කමකි දිනාගත් අතර, නිලූකා වික්‍රමසිංහ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම තමන් සතු කර ගත්තාය.

Upamalika Rathnakumari – 400m – 53.88sec – GOLD

Niluka Wickramasinghe – 400mH – 60.69sec – GOLD

Sampath Ranasingha – Javelin Throw 70.17m – GOLD

Damith Hemantha – 1500m – 3:59.15sec – SILVER

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org