ඩි ග්‍රාස්ගේ අභියෝගයට, විශ්‍රාම යන බෝල්ට්ගෙන් උපහාසාත්මක පිළිතුරක්

ලොව වේගවත්ම ක්‍රීඩකයාවන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ලබන අගෝස්තු මස එංගලන්තයේ දී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදීමට සූදානම් වනවා.

අඛණ්ඩවව ඔලිම්පික් රන් පදක්කම් 6ක්, මීටර් 100 හා 200 ඉසව්වලදී ලබා සිටින ඔහු ලෝක ශූරතාවලි ත්‍රිත්වයකදී ද රන් පදක්කම් 5ක් ලබා තිබේ.

2011 වසරේදී මීටර් 100 ඉසව්වේ අසාර්ථක ආරම්භයක් සටහන් කළ ඔහුට එම රන් පදක්කම අහිමිවුවද, බෝල්ට් පසුගිය දශකය තුළ කිසිදු ක්‍රීඩකයෙකු හමුවේ ප්‍රධාන පෙළේ තරගයක දී පරාජය ව නැත.

30 හැවිරිදි බෝල්ට්, පසුගිය රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව ජයග්‍රාහකයෙකු ලෙස තම ක්‍රීඩා දිවියට සමු දීමට තීරණය කළේය.

කෙසේ වෙතත් එම ඔලිම්පික් උළෙලේ මීටර් 200 රිදි හා මීටර් 100 ලෝකඩ පදක්කම් දිනූ කැනඩාවේ ඇන්ඩ්‍රි ඩි ග්‍රාස් ගේ ප්‍රකාශයක් සමගින් බෝල්ට් උරණ වී සිටී.

ඩි ග්‍රාස් පවසා ඇත්තේ, බෝල්ට් විශ්‍රාම ගැනීමට පෙර, ඔහුව පරාජය කිරීමට තමන්ට අවශ්‍ය බවයි.

මේ ප්‍රකාශයත් සමග උසේන් බෝල්ට් දැඩි කණස්සල්ලට ද පත්ව ඇතැයි වාර්තා වේ.

බෝල්ට් එරට මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් කියා ඇත්තේ, නවකයන් හා ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කළකිරී සිටින බවය.

“මම සෑම විටම අනෙක් ක්‍රීඩකයන්ට ගරු කරමින්, පිළිතුරු ලබා දීමට කටයුතු කලා. හැම විටම රාජතාන්ත්‍රිකව කටයුතු කිරීම මගින් ආදර්ශයක් සැපයීමටයි මට අවශ්‍ය වුණේ. නමුත් පසුගිය කාලයේ දක්ෂතා අතින් ඉහළ පැමිණි අනෙක් ක්‍රීඩකයන් එලෙස හැසිරෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය මා පරාජය කිරීම පමණයි. මේ ගැන මා සිටින්නේ කනස්සල්ලෙන්.” – බෝල්ට්

තවමත් 22 හැවිරිදි වියේ පසුවන කැනඩාවේ ඇන්ඩ්‍රි ඩි ග්‍රාස්ට හොඳ අනාගතයක් ඇති බව බෝල්ට්ගේ මතයයි.

මෙම සංවාදයේ දී බෝලට් ශූරයෙකු වීම සඳහා තරුණ පරපුරට උපදෙස් රැසක් දී ඇති බව ද සඳහන්.

” මා සැමවිටම, අප කණ්ඩායමේ (පුහුණු ඇකඩමිය) තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පවසන්නේ, ඔබ ඉනිමගේ ඉහළට ගමන් කරනවා නම් ඉවසීමෙන් එය තරණය කරන්න. ඒ සඳහා යම් කාලයක් වැයවෙනු ඇත. මට ඩි ග්‍රාස්ට කිමට ඇත්තේ ද, ඉනිමගේ ඉහළට නගින්න අවශ්‍යනම් ඊට අවශ්‍ය කාලය වැය කරන්න. ඒ වගේම කැපවී ඉහළට ගමන් කරන්න.” – උසේන් බෝල්ට්

මෙය මෙරට තරුණ පරපුරට ද ඉතා වැදගත් උපදෙසක් ලෙස සැලකිය හැක.

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

4 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

4 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

6 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago