පරිපාලයකයන්ගේ වරදින්,අස්මිකාට රන් සිහිනය ගිලිහෙයි – අල්ලපු හා පය ගහපු අතු දෙකම නැති වෙයි

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අස්මිකා හේරත්ට එම අවස්ථාව අහිමිවීව තිබේ.

ඒ   මීටර් 2000 බාධක දිවීමේ බාලිකා ඉසව්වට සහභාගී වෙමින්, රන් පදක්කම් ලබා ගැනීමේ වැඩි අවස්තාව හිමිවූ ඇයට, එම ඉසව්වට සහභාගීවීමේ අවස්ථාව අහිමිවීම හේතුවෙනි.

තරගාවලියට පෙර ලබා දුන් උපදෙස් (rule book) අනුව, එක් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මීටර් 200 ට වැඩි ධාවන ඉසව් (උදා. 400m,400mH, 800m,1500m,2000m st, 3000m, 5000m)  දෙකකට සහභාගීවීමට නොහැකි බවට සඳහන්ව තිබේ.

මෙම තරගාවලියේදී එක් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මීටර් 100, 200 ඉසව් දෙකටම හා තවත් ඉසව්වකට සහභාගීවීමේ අවස්ථාව සලසා දුන්නද ඉන් එපිට ධාවන ඉසව් දෙකකට සහභාගීවීම සීමා කර තිබේ.

මේබව නොදැන හො ඒ පිළිබඳව අවධානය යොමු නොකර අස්මිකාගේ නම මීටර් 3000 හා මීටර් 2000 බාධක ඉසව් සඳහා ඇතුළත් කිරීම හේතුවෙන්, ඉහත ගැටලුව මතුව ඇත.

තවද අස්මිකා මීටර් 3000 බාලිකා ඉසව්වට සහභාගීවීම හේතුවෙන්,  මීටර් 2000 බාධක තරගයට සහභාගීවීමේ අවස්තාව අහිමිවීවේ.

මීටර් 2000 බාධක බාලිකා දිවීමේ තරගයේ සහභාගීවනන්නගේ නාම ලේඛණයේ ඇයගේ නම සටහන් නොවූ ආකාරයයි මේ.

හෙට තරග කාල සටහන හා සහභාගීවන්නන් ගැන විස්තර මෙතනින් 

මෑත කාල වකවානුවේ දී, එම ඉසව්ව‍ෙන් වාර්තා කර ඇති කාලයන්ට අනුව, ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමේ වැඩි අවස්ථාව තිබුනේ අස්මිකාටය.

තරගාවලි වාර්තාව ලෙස මිනිත්තු 7: 01.06 ක කාලයක් වාර්තා වී තිබෙන වටපිටාවක, තම උපරිම දක්ෂතාව ලෙස මිනිත්තු 6:59.96 දස්කමක් දක්වා ඇති අස්මිකාට පදක්කමක් හිමිකරගැනීමේ අවස්ථාව තිබිණ.

ඇය පසුගිය දා පැවති කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් සමගින්, ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

එම තරගයේ වීඩියෝව. (ඇය වාර්තා කළ කාලය 6:59.96) 

කෙසේ වෙතත්, මේ තරගාවලි නීතිය සම්බන්ධයෙන් මෙරට මලල ක්‍රීඩා සංගමය දැනුවත් විය යුතු වුවද, ඔවුනගෙන් සිදුවූ අතපසුවීමක් හේතුවෙන් අස්මිකාව මීටර් 3000 ඉසව්වට ද අතුළත් කර තිබේ.

ඇයව  එම තරගයේ දී, පෙර පුහුණු තරගයක් ලෙස සලකමින් සහභාගීකරවීමට, පුහුණුකරු ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් ඇයට එම තරගය ද අහිමිවිය.

මීටර් 3000 ඉසව්ව අවසන් නොකළ අශ්මිකා, මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ රන් පදක්කම වෙත අවධානයෙන් පසුවූවා ට සැක නැත.

තරගාවලියේ නීති රීති සම්බන්ධයෙන් මෙරට බළධාරීන් නිසි අවබෝධයකින් ක්‍රියාත්මක වී නොමැති බව මෙමගින් මැනෙවින් පසක් වේ.

අද තරගයට අස්මිකාට සහභාගීවීමට අවස්ථාව නොලැබීම හේතුවෙන්, ඇයට නැවත පැමිණීමට සිදුවන්තනේ පරාජිතයෙකු ලෙසය.

සහාය දිවීමේ ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවත් අහිමිවේ.

එසේම මෙම තරගාවලියේ යෞවනයන්ට සහභාගීවීමට හිමිවන සහාය දිවීමේ ඉසව්වට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට,  සහභාගීවීමේ අවස්ථාව අහිමිවිය.

ඒ, තරගාවලියට අයදුම් කිරීමේ දී, අදාල ඉසව්ව ඇතුළත් කර නොතබීම හේතුවෙනි.

මෙම තරගාවලියේදී, සහාය දිවීමේ ඉසව්වක් සඳහා ඉදිරිපත් කිරීමට ප්‍රභල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකාව සතු විය.

නමුත් ඉහත වරද හේතුවෙන්, මීටර් 400, 300, 200 හා 100 ලෙස පැවැත්වෙන මේ මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට ද ශ්‍රී ලංකා බාලක කණ්ඩායමට සහභාගීවීමේ අවස්තාව අහිමිවිය.

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

4 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

4 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

6 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago