අතිරේක පෝෂණ අලෙවිය හා භාවිතය නියාමනයට අවධානය – ක්‍රීඩා අමාත්‍යංශය

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ගිලගනිමින් තිබෙන අතිරේක පෝෂණ (Supplement) මාෆියාව නියාමනය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ. මේවනවිට දිවයින පුරා ශරීර යෝග්‍යතා පුහුණු මධ්‍යාස්ථාන හරහා ව්‍යාප්ත වන මෙවැනි අතිරේක පෝෂණ වර්ග හරහා ශරීරයට අහිතකර අතුරු ආබාද මෙන්ම දීර්ඝ කාලීන බලපෑම්ද එල්ලවන බව වෛද්‍ය මතයවේ.

මෙම උවදුරට තිත තැබීමට අදාළ බළධාරීන්ගේ අවධානය යොමුකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොරව ව්‍යාප්තවන මෙම පෝෂණ වර්ග නියාමනය කිරීම හා විකුණන ස්ථාන ලියාපදිංචි කිරීමද මේ හරහා ඉදිරියේ දී සිදුවනු ඇත.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය, සෞඛ්‍ය අමාත්‍යංශය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය හා රේගුව සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර, ඒ සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්චාවක් ද පවත්වා තිබේ.

අතිරේක පෝෂණ භාවිතයට පෙළඹීම මගින් ක්‍රීඩාවට තහනම් උත්තේජක වල බලපෑමක් ද එල්ලවේ. ක්‍රීඩකයන් ප්‍රමිතියෙන් තොරව නොදැනුවත්ව හා නිසි මගපෙන්වීමකින් තොරව මෙම ද්‍රව්‍ය භාවිත කිරීම හරහා ක්‍රීඩා කිරීම සඳහා තහනම් උත්තේජක භාවිතයට ද පෙළඹෙනු වාර්තා වී තිබේ.

“මේ තත්වය දැන් ජාතික තලයට වගේම පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයටත් බලපෑමක් වී තිබෙනවා. මෙය පාලනය හා මර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක්. අපි මේදේ කරන්න බොහෝ කාලයක් උත්සාහ කලා.” දයාසිරි ජයසේකර – ක්‍රීඩා අමාත්‍ය

තහනම් උත්තේජක ද්‍රව්‍ය මෙරට වෙළඳ පොලේ තිබේදැයි සොයා බැලීමටද උපදෙස් ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ශක්තිය රඳවා ගැනීමට හා පුහුණුකටයුතු සිදුකිරීමට,  නිසි මගපෙන්වීමක් හා වෛද්‍ය උපදෙස් යටතේ අතිරේක පෝෂණ ලබා දීම නූතන ලෝකයේ සිදුවුව ද මෙරට එවැනි තාක්ෂණයක් හා පහසුකම් නොමැතිවීම මත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිතුමතේ පෝෂණ ද්‍රව්‍ය ලබා ගැනීමට පෙළඹී තිබීම ක්‍රීඩාවේ අනාගතයට බලපෑමක් එල්ල කරමින් තිබේ.

ප්‍රධාන පෙළේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  අතිරේක පෝෂණ ද්‍රව්‍ය නිසි ක්‍රමවේදයක් හා වෛද්‍ය උපදෙස් පරිදි ලබා දීම සිදුවේ. නමුත් ඔවුන් තහනම් උත්තේජක නිවාරණ ක්‍රියාවලියද එලෙසම පවත්වා ගෙන යෑම දැකිය හැක.

මෙරටදී එවැනි පහසුකම් නොලැබීම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකළ යුතුය.

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

2 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

2 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

4 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago