වැට උඩ තිබූ සුගතදාස ධාවන පථය,කොට උඩ – ට්‍රැක් එක එළීම තවත් කල් යයි ද ?

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථය නැවත ස්ථානපනය කිරීමේ කටයුතු තවත් කල්යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තාවේ.

ඒ, ඊට නැවත කැඳවූ ටෙන්ඩර සම්බන්ධයෙන් ද නැවත ගැටලු මතුවීම හේතුවෙනි.


පසුගියවර ටෙන්ඩර් කැඳවූ අවස්තාවේ ගැටලු සහගත තත්වයක් මතුවූයේ ඇයි. ?

ක්‍රීඩා අමාත්‍යංශය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස දී සුගතදාස ධාවන පථය හා එහි පුහුණු ධාවන පථය එලීම සඳහා ටෙන්ඩර් කැඳවීම ආරම්භ කරන ලදී. (මීටර් 400 හා 200) එහිදී ප්‍රකාශ වූයේ අදාල සමාගම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මගින් නිර්දේශ කරන ප්‍රමුඛ පෙළ ධාවන පථ පහක් (දකුණු ආසියාවේ එක් ධාවන පථයක් ඇතුළුව) හෝ දෙවන පෙළ ධාවන පථ 10 ක් (දකුණු ආසියාවේ ධාවන පථ 5ක් අතුළුව) මින්පෙර නිමවා තිබිය යුතුවිය. එසේම “ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය” මගින් පිරිනමන “C2” (සී 2) සහතිකයක් සහිත ආයතනයකට පමණක් මෙය පිරිණමන බව එහි දී සඳහන් විය.

ඒ අනුව ජනවාරි මස ටෙන්ඩර් විවෘත කිරීමේදී, ඇක්සස් ඉංජිනියරින් සමාගමට අනුබද්ධිත කොනිකා ස්පෝර්ට්ස් ෆ්ලෝරිං ආයතනයට අදාළ ටෙන්ඩරය ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කටයුතු කළේය.

එම ආයතනය විසින් ඉන්දියාවේ දිල්ලි නුවර ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථය 2010 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ඉදිකර තිබීම ද එහිදී සැලකිල්ල ගෙන තිබිණ.

කෙසේ වෙතත්, ප්‍රතිවාදී සමාගම විසින් අදාළ තීරණය අභියෝගයට ලක්කිරීම මත, නැවත ටෙන්ඩර් කැඳවීමට ක්‍රීඩා අමාත්‍යංශයට සිදුවිය.

සුගතදාස ධාවන පථය නැවත එලීම සඳහා ඇක්සස් සමාගමට ලබා දීමට නියමිත වූ මුදල රුපියල් මිලියන 367.84 කි. (එය අගය එක් කිරීමේ බදු මුදල “VAT” රහිතවයි)

මේ වනවිට දෙවැනි වරටද ටෙන්ඩර් කැඳවා ඇතත්, එහිදී ද ඉහත ආයතනය අදාළ කොන්දේසි සපුරා ඇතැයි වාසි සහගත ලෙස තීරණය හිමිවන බවට පවසමින් අනෙක් සමාගම් විරෝධය පළ කිරීමට සැරසෙන බවට වාර්තාවේ.

අදාළ ආයතන මගින් පෙන්වා දී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමේදී, ඉහත ආයතනයට වාසිදායක ලෙස එම කටයුත්ත සිදුව ඇත බවය.

මෙම කඹ ඇදීම මත ක්‍රීඩාවට එල්වන බලපෑම අති මහත්ය.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාද අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබේ.

“අපි, මගේ නිළධාරීන් සිදුකල යුතු සියල්ල නීත්‍යානූකූලව සිදුකළා. ටෙන්ඩර් මණ්ඩලයේ සිදුවූ කාර්යයන්ට අපට ඇඟිලි ගසන්න බෑ. මේකෙන් වෙන්නේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල බලපෑමක්. අපිට මේ මාසෙ වෙනකොට සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයේ ඉදිකිරීම් අවසන් කල හැකිව තිබුණා. නමුත් දැන් සිදුවන්නේ එය තවත් කල් යන එක.” – ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2012 වසරේදී, සුගතදාස ධාවන පථය නැවත එලූ මෙරට සමාගම වන “ගහ කොළ” සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

අදාළ අවස්ථාවේ ධාවන පථය එළිමේදී නියමිත ප්‍රමිතියෙන් තොරව එය සිදු කිරීම මත, ධාවන පථය විනාශයට පත්විය.

2012 වසරේ දී, රු.මි. 113 ක පමණ මුදලක් වැයකර නිමා කල ධාවන පථය විවෘත කළ අවස්ථාව.

එසේම සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය, පිහිණුම් තටාකය, හෝටලය හා ප්‍රධාන ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව විවෘත කිරීමේ හැකියාව ඇතත්, කෘතීම ධාවන පථය එළීම කල්යනු ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

සුසන්තිකා ජයසිංහ 2002 වසරේදී සුගතදාස ක්‍රීඩාංගණයේදී ධාවනයේ යෙදෙන අයුරු.

කෙසේ වෙතත් මේ කටයුතු දිනෙන් දින කල්යෑමෙන් සිදුවන්නේ, මෙරට ක්‍රීඩාව වසර ගණනකින් පසුපසට ඇද දැමීමකි.

මෙරට මලල ක්‍රීඩාව ඇතුළු ප්‍රධාන ක්‍රීඩා රැසක් සුගතදාස ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් නොවීම මත අකර්මන්‍යව තිබේ.

මලල ක්‍රීඩාව එමගින් දැඩි අවධානම් තත්වයකට පත්ව තිබේ. මෙරට දී පුහුණුකටයුතු හෝ සිදුකිරීමට ප්‍රමිතියෙන් තොර කෘතිම ධාවන පථයක් නොමැති තත්වයක දී, මලල ක්‍රීඩායේ මහගෙදර බඳු සුගතදාස ක්‍රීඩාංගණය හැකි ඉක්මනින් පිළිසකර කළ යුතු නොවේ ද ?

එසේම ඊට සමගාමීව ක්‍රීඩාංගණ කිහිපයක් කෘතීම ධාවන පථ සහිතව නිමකිරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.

අමාත්‍යවරයා පසුගිය වසර දෙකේදීම මෙම ධාවන පථ ගැටලුව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දැක්වූවත්, මුදල් අමාත්‍යංශය විසින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කර ඇතත්, මේ දක්වා එය ක්‍රියාවට නැංවීමට නොහැකිව ඇත.

ක්‍රීඩාව පාදක කරගත් තරුණ පරපුරක් සැකසීමේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුව ද, ක්‍රීඩාවට අවශ්‍ය අවම යටිතල පහසුකම් හෝ සපුරාලීමට නොහැකිව ඇත්තේ මෙම තාක්ෂණික ගැටලු හා කඹ ඇදීම් නිසා බව මොනවට පැහැදිලිවේ.

ජාතික ගැටලුවක් සේ සලකා, ක්‍රීඩාව නගා හිටුවමින්, යහපත් වූ තරුණ පරපුරක් සමාජයට දායද කිරීමට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය කාලය එළඹ තිබේ.

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

4 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

4 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

6 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago