ආසියානු වයස් කාණ්ඩ 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් 8ක් දිනූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතිහාසය අලුත් කරයි
ආසියානු වයස් කාණ්ඩ 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් ද ඇතුළුව සමස්ත පදක්කම් අටක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ මලල ක්‍රීඩා තරු සමත් විය. මීට අමතරව පෞද්ගලික හොඳම දක්ෂතා (PB) කිහිපයක් සහ පදක්කම් අද්දරටම පැමිණි සිව්වැනි ස්ථාන කිහිපයක් ද මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු කර ගත්හ.
මෙම තරගාවලියේ කැපී පෙනෙනම දස්කම් දැක්වූයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් වන අතර, ඔවුන් මෙරටට හිමිවූ රන් පදක්කම් දෙකම දිනා දීමට සමත් විය. එහිදී මධ්‍යම දුර දිවීමේ ඉසව් නියෝජනය කළ තරුෂි අභිෂේකා පේමසිරි, කාන්තා මීටර 1500 ඉසව්වෙන් විශිෂ්ට රන් පදක්කමක් දිනා ගත් අතර ඉන් නොනැවතී මීටර 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තාය. මේ අතර කෙටි දුර ධාවන ක්‍රීඩිකා දිලන්මා රන්සිනි පෙරේරා කාන්තා මීටර 200 ඉසව්වෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් රන් පදක්කම හිස ලා ගත්තාය.
ශ්‍රී ලංකා පිරිමි ක්‍රීඩකයින් සහ සහය දිවීමේ කණ්ඩායම් ද මෙම ඓතිහාසික ගමනට ශක්තිමත් දායකත්වයක් ලබා දුන්හ. පිටිය ඉසව්වලින් උස පැනීමේ ක්‍රීඩක තරුෂ මැන්දිස් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, නෙත්සර දිනෙත් ලියනගේ පිරිමි මීටර 800 ඉසව්වෙන් තියුණු තරගයකින් පසු තවත් රිදී පදක්කමක් මෙරටට එක් කළේය.
කෙටි දුර ධාවන ක්‍රීඩක සදෙව් රාජකරුණා පදක්කම් දෙකක් දිනූ ක්‍රීඩකයෙකු බවට පත්වෙමින්, පිරිමි මීටර 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර ඔමෙල් ශෂින්ත සිල්වා, වර්ෂා දෙව්මිණි විමලසේකර සහ රොනාලි ඈන් පීරිස් සමඟ එක්ව මීටර 4×400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගත්තේය. මිහින්සා දෙව්මිණි අබේරත්න කාන්තා උස පැනීමේ ඉසව්වෙන් දැක්වූ දක්ෂතාවය නිසා ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිවිය.
පදක්කම් ලාභීන්ට අමතරව, ශ්‍රී ලංකාවේ යොවුන් මලල ක්‍රීඩා දක්ෂතාවල ගැඹුර මෙම තරගාවලියේදී මැනවින් පැහැදිලි විය. පදක්කම් සංඛ්‍යාව තවදුරටත් වැඩි කර ගැනීමට ඉතා ආසන්නව තිබියදී සිව්වැනි ස්ථාන කිහිපයක්ම මෙරටට හිමිවිය. දුර පැනීමේ ඉසව්වෙන් දීසර සෙන්දිල් හේරත් මීටර 7.44ක දක්ෂතාවයක් දක්වමින් 4 වැනි ස්ථානයත්, තෙහාර රවිෂ්ක ප්‍රනාන්දු තුන්පිම්ම ඉසව්වෙන් සෙන්ටිමීටර කිහිපයක වෙනසකින් පදක්කම අහිමි කර ගනිමින් මීටර 15.40ක දක්ෂතාවයක් සමඟ 4 වැනි ස්ථානයත් ලබා ගත්හ. පිරිමි මීටර 4×400 සහය දිවීමේ කණ්ඩායම ද දැඩි සටනකින් පසු 4 වැනි ස්ථානය දිනා ගත්තේය.
ආසියානු මට්ටමේ දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම තමන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතා (PB) වාර්තා කිරීමට සමත් විය. මීටර 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් තත්පර 51.72ක දක්ෂතාවයක් දක්වමින් 5 වැනි ස්ථානය දිනූ ශවිඳු නිමේෂ ද ඒ අතර වේ. මෙම සමස්ත දක්ෂතා දෙස බැලීමේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අනාගතය ජාත්‍යන්තර තලයේ ඉතා දීප්තිමත් වන බව පැහැදිලි වේ.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිල දක්ෂතා සහ ස්ථාන
පදක්කම් ලාභීන්
-
තරුෂි අභිෂේකා පේමසිරි – මීටර 1500: රන් පදක්කම / මීටර 800: ලෝකඩ පදක්කම
-
දිලන්මා රන්සිනි පෙරේරා – මීටර 200: රන් පදක්කම
-
තරුෂ මැන්දිස් – උස පැනීම: රිදී පදක්කම
-
නෙත්සර දිනෙත් ලියනගේ – මීටර 800: රිදී පදක්කම
-
සදෙව් රාජකරුණා – මීටර 200: ලෝකඩ පදක්කම / මීටර 4×400 මිශ්‍ර සහය දිවීම: ලෝකඩ පදක්කම
-
මිහින්සා දෙව්මිණි අබේරත්න – උස පැනීම: ලෝකඩ පදක්කම
-
ඔමෙල් ශෂින්ත සිල්වා – මීටර 4×400 මිශ්‍ර සහය දිවීම: ලෝකඩ පදක්කම
-
වර්ෂා දෙව්මිණි විමලසේකර – මීටර 4×400 මිශ්‍ර සහය දිවීම: ලෝකඩ පදක්කම
-
රොනාලි ඈන් පීරිස් – මීටර 4×400 මිශ්‍ර සහය දිවීම: ලෝකඩ පදක්කම
අවසන් මහා තරග සහ මූලික වටයේ ප්‍රතිඵල
-
දීසර සෙන්දිල් හේරත් – දුර පැනීම: 4 වැනි ස්ථානය (මීටර 7.44)
-
තෙහාර රවිෂ්ක ප්‍රනාන්දු – තුන්පිම්ම: 4 වැනි ස්ථානය (මීටර 15.40)
-
තිසෙන් රන්විඳු පතිරගේ – පිරිමි මීටර 4×400 සහය දිවීම: 4 වැනි ස්ථානය
-
ඉරේෂ් බොගොඩ – පිරිමි මීටර 4×400 සහය දිවීම: 4 වැනි ස්ථානය
-
ඉරෝෂ එදිරිසිංහ – පිරිමි මීටර 4×400 සහය දිවීම: 4 වැනි ස්ථානය
-
රිසන්සා හිරුපමා සිල්වා – මීටර 200: 5 වැනි ස්ථානය (තත්පර 24.15)
-
ශවිඳු නිමේෂ – මීටර 400 කඩුලු පැනීම: 5 වැනි ස්ථානය (තත්පර 51.72 =පෞද්ගලික හොඳම දක්ෂතාවය)
-
විදූෂන් රාජේන්ද්‍රන් – පිරිමි මීටර 3000: 6 වැනි ස්ථානය (තත්පර 8:42.13)
-
සසිඳු හංසන ජයසිංහ – තුන්පිම්ම: 6 වැනි ස්ථානය (මීටර 15.06)
-
ඕෂිනී කාවින්ද්‍යා කොඩිකාර – තුන්පිම්ම: 8 වැනි ස්ථානය (මීටර 12.16)
-
නෙත්ර චන්දුප ප්‍රනාන්දු – උස පැනීම: 14 වැනි ස්ථානය (මීටර 1.95)
-
හංසජ උයන්වත්ත – මීටර 400 කඩුලු පැනීම: 3 වැනි මූලික වටයේ 3 වැනි ස්ථානය (තත්පර 52.86 =පෞද්ගලික හොඳම දක්ෂතාවය)
-
කවීෂ කුලතුංග – මීටර 110 කඩුලු පැනීම: 2 වැනි මූලික වටයේ 7 වැනි ස්ථානය (තත්පර 14.25)
Sri Lankan Juniors Script History at Asian U20 Athletics Championships with 8-Medal Haul
Sri Lanka’s next generation of track and field stars delivered a phenomenal performance at the Asian U20 Athletics Championships, securing a total of eight medals—including two golds—alongside a string of personal bests and agonizingly close fourth-place finishes.
The standout story of the championships belonged to the women’s contingent, who brought home both of the island nation’s gold medals. Tharushi Abisheka Pemasiri proved to be the star of the middle-distance events, securing a brilliant Gold in the Women’s 1500m before fighting her way to a Bronze in the 800m. Meanwhile, sprinter Dilanma Ransini Perera stamped her authority on the track, dashing to a sensational Gold in the Women’s 200m.
Sri Lanka’s male athletes and relay teams anchored the country’s historic run with fierce consistency. In the field events, high jumper Tharusha Mendis cleared impressive heights to claim a Silver medal, while Nethsara Dineth Liyanage added another Silver on the track in a grueling Men’s 800m final.
Sprinter Sadew Rajakaruna enjoyed a multi-medal campaign, clinching an individual Bronze in the Men’s 200m before teaming up with Omel Shashintha Silva, Warsha Devmini Wimalasekara, and Ronalee Anne Pieris to lock down a Bronze medal in the Mixed 4x400m relay. Mihinsa Dewmini Abeyratne rounded out the podium finishes with a stellar performance in the Women’s High Jump to claim Bronze.
Beyond the podium, the depth of Sri Lanka’s junior athletic talent was on full display. The nation recorded multiple fourth-place finishes, coming within whiskers of expanding the medal tally. Deesara Sendil Herath leaped an impressive 7.44m to finish 4th in the Long Jump, while Thehara Ravishka Fernando missed out on a podium spot by mere centimeters in the Triple Jump, placing 4th with 15.40m. The Men’s 4x400m relay team also fought valiantly to place 4th overall.
With multiple athletes achieving personal bests (PB) under intense continental pressure—including hurdler Shavindu Nimasha’s 5th place clocking of 51.72 seconds—this campaign highlights a bright and promising future for Sri Lankan athletics on the international stage.
Sri Lanka Official Performances & Placements
Medal Winners
-
Tharushi Abisheka Pemasiri – 1500m: Gold / 800m: Bronze
-
Dilanma Ransini Perera – 200m: Gold
-
Tharusha Mendis – High Jump: Silver
-
Nethsara Dineth Liyanage – 800m: Silver
-
Sadew Rajakaruna – 200m: Bronze / Mixed 4x400m Relay: Bronze
-
Mihinsa Dewmini Abeyratne – High Jump: Bronze
-
Omel Shashintha Silva – Mixed 4x400m Relay: Bronze
-
Warsha Devmini Wimalasekara – Mixed 4x400m Relay: Bronze
-
Ronalee Anne Pieris – Mixed 4x400m Relay: Bronze
Finalists & Heat Results
-
Deesara Sendil Herath – Long Jump: 4th (7.44m)
-
Thehara Ravishka Fernando – Triple Jump: 4th (15.40m)
-
Thisen Ranvidu Pathirage – Men’s 4x400m Relay: 4th
-
Iresh Bogoda – Men’s 4x400m Relay: 4th
-
Irosha Edirisingha – Men’s 4x400m Relay: 4th
-
Risansa Hirupama Silva – 200m: 5th (24.15sec)
-
Shavindu Nimasha – 400m Hurdles: 5th (51.72s =PB)
-
Vidushan Rajendran – Men’s 3000m: 6th (8:42.13sec)
-
Sasindu Hansana Jayasingha – Triple Jump: 6th (15.06m)
-
Oshini Kavindya Kodikara – Triple Jump: 8th (12.16m)
-
Nethra Chandupa Fernando – High Jump: 14th (1.95m)
-
Hansaja Uyanwaththa – 400m Hurdles: Heat 3 – 3rd (52.86s =PB)
-
Kaveesha Kulathunga – 110m Hurdles: Heat 2 – 7th (14.25sec)