Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

කාලිංග පරීක්ෂා කළ දිල්ලි පරීක්ෂණාගාරයට තහනමක්

පසුගිය සමයේ තහනම් උත්තේජක චෝදනාවට ලක්වූ මීටර 400 ධාවක කාලිංග කුමාරගේ ඇතුළු ශ්‍රී ලංකික ක්‍රීඩකයන්ගේ සාම්පල තහනම් උත්තේජක පරික්ෂාවට ලක් කල ඉන්දියාවේ නවදිල්ලි රසායනාගාරයට ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් මාස 6ක තහනමක් පනවා තිබෙනවා .

ඒ ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය (WADA) විසින් නියම කර තිබු ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වාගෙන නොයෑම හේතුවෙනි.

එම තහනම මෙම මස 20 වෙනි දින සිට මාස 6ක් සඳහා බල පැවැත්වෙන අතර එම මාස හය ඇතුලත රසායනාගාරයට, එම ප්‍රමතින්ට අනුව වැඩි දියුණු කරගැනීමට උපදෙස් ලැබී තිබේ.

එසේ නියමතිය ප්‍රමිතිය පවත්වාගතහොත් ඔවුනට මස 6 අවසානයේ තනමෙන් මිදීමේ හැකියාව පවතියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනයේ (SLADA) අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතාට අනුව මෙම තහනම මීට කලින් සිදුවූ පරීක්ෂණ හා එහි ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවන්නේ නෑ .

පසුගිය තරග සමයේ තම මුත්‍රා සාම්පල වල තහනම් උත්තේජක අඩංගු බවට පරීක්ෂාවකින් ඔප්පුවී දැනට තාවකාලික තනමකට ලක්වී සිටින ,කාලිංග කුමාරගේ , චෙල්සි බෙන්දරගේ ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ මුත්‍රා සාම්පල පරික්ෂාව සදහා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය විසින් සාම්පල යවන ලද්දේ මෙම නවදිල්ලි  පරික්ෂණාගරයටයි .

මෙම තහනම හේතුවෙන් පසුගිය ජාතික ශුරතවලියේදී එකතු කල සාම්පල පරීක්ෂණයට යැවීමට වෙනත් පරික්ෂනාගාරයක් සොයාගැනීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනයට සිදුවී තිබේ.

මෙවර ජාතික ශූරතාවලියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 46 දෙනෙකුගේ සාම්පල ලබා ගෙන තිබේ.

මීට පෙර ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක චෝදන්වට ලක්වූ පසු එම පරික්ෂනය සිදු කල කටාර්හි පිහිටි පරීක්ෂණාගාරය මෙසේ තනමකට ලක්වුණු අතර ඔහු එම චෝදනා වලින් නිදහස් විය.

New Delhi dope testing lab suspended by world body

The World Anti-Doping Agency (WADA) has suspended the accreditation of the National Dope Testing Laboratory (NDTL) in New Delhi, barring the facility from conducting any anti-doping tests for up to six months.

The suspension, which took effect on August 20, was imposed due to non-conformities with the International Standard for Laboratories, the global anti-doping body said Thursday.
The irregularities, identified during a site visit by WADA, included some in relation to the lab’s Isotope ratio mass spectrometry (GC/C/IRMS) analytical method.

After WADA’s laboratory expert group recommended disciplinary proceedings in May, a disciplinary committee recommended the suspension.

While the lab is suspended samples that have not yet been analyzed by the lab, samples undergoing a confirmation test and any samples that have returned an adverse result must be securely transported to another WADA-accredited laboratory for testing.

“This is in order to ensure continued high-quality sample analysis, which also helps preserve athletes’ confidence in this process and the wider anti-doping system,” WADA said in a statement.

The laboratory can appeal the suspension or apply for reinstatement before six months have passed if it has addressed non-conforming procedures.

 

Exit mobile version