Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

නේපාලයේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 1000ක්

Members of Sri Lanka team wave their national flags as they march at the opening ceremony of the 12th South Asian Games at the Indira Gandhi Athletics Stadium in Gauhati, India , Friday, Feb. 5, 2016. The 12th South Asian Games multi-discipline event encompassing competitions in 23 disciplines and 241 events well be held across two northeastern Indian cities of Gauhati and Shillong, and will see the participation of more than three thousand athletes and officials from the eight participating countries. Photo: AP

ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වනවිට 605 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහභාගි වීමට නියමිත වූ අතර මෙම තරග සංවිධානය සම්බන්ධයෙන් දෝහා හි පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මලල ක්‍රීඩා ඉසව් සඳහා රටක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගි වීමේ අවස්ථාව හිමිවීමත් සමගින් මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක නියෝජනය 650 දක්වා ඉහළ යනු ඇත. අදාළ ක්‍රීඩා උළෙල වෙනුවෙන් පුහුණුකරුවන් 95 දෙනෙකු ඇතුළුව තාක්ෂණික නිලධාරීන් 200ක්ද සහභාගි වීමට නියමිත අතර ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් 1000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවෙන් එහි යැවෙනු ඇත.

මෙම සමස්ත නියෝජනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැය ශීර්ෂය රුපියල් මිලියන 344ක් බව මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව රන් 35, රිදී 75 සහ ලෝකඩ 125ක් බවත්, සහභාගිත්වයට හෝ ලෝකඩ පදක්කමකට පමණක් සීමා නොවී උපරිම ප්‍රතිඵල වෙත යෑමට සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු කරන බවත් මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය.

මේ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් නේවාසික පුහුණුව, ඉහළ උන්නතාංශ පුහුණුවීම්, නිසි පෝෂණය, වෛද්‍ය පහසුකම්, මානසික අභිප්‍රෙරණය ඇතුළු සියල්ල සපයා ඇති බව ද, සංචිතගත එක් ක්‍රීඩකයකු වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය කරන බවද මෙහිදී ප්‍රකාශ විය. උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රීඩා ඇඳුම් උපකරණවල සිට සියල්ල සපයා ඇති බවත් නේපාලයේ ඔවුන් සිටින කාලය අතරතුර අවම වශයෙන් දිනකට එක් ආහාර වේලක් හෝ ශ්‍රී ලංකාවේ ආරයට ලබාදීමට කටයුතු යොදා ඇති බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ විය.

ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු හා ෆොහාරා යන නගර ද්විත්වය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර අදාළ නගර දෙක අතර ගමන් පැය 5ක පමණ දුරක් පවතී. දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල නියෝජන රටවල සංගම්වල සාකච්ඡාවක ඒකමතික තීන්දුවකින් පසු මෙම ෆොහාරා නගරයේදී තුන් ප්‍රයාම ඉසව්ව පමණක් පැවැත්වීමට කටයුතු කරන බවට උළෙල සංවිධායක මණ්ඩලය තීරණය කොට ඇත.

ක්‍රීඩා අමාත්‍යංශය මෙහිදී කෙතරම් උනන්දු වී ක්‍රියා කළ ද, මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන සමහරක් ක්‍රීඩාවල අදාළ සංගම්වල මන්දෝත්සාහී හැසිරීම මත ක්‍රීඩා අමාත්‍යාංශයට ‘කෙවිට අතට ගැනීමට’ සිදුව ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා මෙහිදී පැවසීය.

‘පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක එකතු වෙලා අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලුවා. කියන්න කනගාටුයි සමහර පුහුණුකරුවන් මේ පරීක්ෂණවලට කැමති වුණෙත් නෑ’ යි ඔහු වැඩිදුරටත් පැවසීය.

තරගාවලිය සඳහා කාලගුණයේ වාසිදායක තත්වයක් ලබා ගැනීමේ අරමුණින් බොක්සිං, පිහිනුම් වැනි ක්‍රීඩා කිහිපයක් නියෝජනය කරන ක්‍රීඩකයින් දින කිහිපයකට පෙර නේපාලය බලා පිටත් කරවීමට සූදානමක් ඇති බවටද මෙහිදී අනාවරණය විය.

Exit mobile version