Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

පාසල් මාර්ග ධාවන කිරුළු මාතර මාකඳුරට

මාතර, මාකඳුර මහ විද්‍යාලයේ ශෂිකා දිල්ෂානි හා එම විද්‍යාලයේම සසිඳු සංකල්ප පාසල් ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන ඉසව්වල බාලක හා බාලිකා ඉසව්වල දී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ගිරිඋල්ල දී පැවැති තරගාවලියේ කිලෝමීටර් 14 ක් වූ මාර්ග ධාවන ඉසව්වේ බාලිකා අංශයෙන් ශෂිකා දිල්ශානී ජය වාර්තා කරද්දී, රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ හෂිනී මධුශිකා දෙවැනි ස්ථානයත් නාරක්දෙනිය ජාතික පාසලේ දිල්මිනී සුභසිංහ තුන්වැනි ස්ථානයත් දිනා ගත්තාය.

එහි බාලක අංශයෙන් සසිඳු සංකල්ප ජය වාර්තා කරද්දී, ගාමිණී මහා විද්‍යාලයේ කේ. නිශාබන් දෙවැනි ස්ථානයත්, නක්කාවත්ත ජාතික පාසලේ ළහිරු රුක්ෂාන් තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.

Exit mobile version