Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට 16 ක කණ්ඩායමක්

ලබන මස 21 වැනි දා සිට කටාර් හී දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබේ.

ඊට ක්‍රීඩකයන් 9 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ඇතුළත්ව ඇති අතර, පසුගිය ආසියානු ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනා ගත් රුමේෂිකා රත්නායක හා නදීෂා දිල්හානී ලේකම්ගේ ඇතුළත්ව නැත.

පසුගිය දා පැවති තේරීම් තරගාවලි දෙකටම සහභාගී නොවීම හේතුවෙන්, රුමේෂිකා රත්නායකට මෙම තරගාවලිය අහිමිවී ඇති අතර, මීටර් 57 ක් වූ පරිසාධන මට්ටම සැපීරීමට අපොහොසත්වීම හේතුවෙන් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා  නදීෂා දිල්හානී ලේකම්ගේට අවස්ථාව අහිමිව ඇත. ඇයගේ උපරිම දක්ෂතාව ලෙස මීටර් 54.40 ක් දැක්විණ.

මේ අතර, පසුගිය ආසියානු ශූරතා තරගාවලියේ දී රිදී පදක්කම දිනාගත් මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායමට ද, මෙම තරගාවලියේ ස්ථානය අහිමිව තිබේ.

තේරීම් තරගාවලිවල දී, බලාපොරොත්තුවූ දක්ෂතා ඉස්මතු නොවීම මත, මීටර් 400 පිරිමි කණ්ඩායම ඇතුළත් නොකිරීමට තීරණය වී තිබේ.

එසේම පසුගිය වසරේ දී මීටර් 400 ඉසව්වේ වේගවත්ම ක්‍රීඩකයා වූ අරුණ දර්ශනට ද පාදයක ඇතිවී තිබෙන ආබාද තත්වයක් හේතුවෙන්, ඉහත කණ්ඩායමේ අවස්ථාව අහිමිව තිබේ. මේ අතර, පසුගිය දා පුහුණුවීම් අතරතුර ආබාදයකට ලක්වූ විනෝජ් සුරංජය ද සිල්වාව යෝග්‍යතාව අනුව සහභාගීවීමේ අවස්ථාව ලබා දෙමින් ඇතුළත් කර ඇත

[wp_show_posts id=”16041″]

1st Trial results

2nd Trials results 

Asian Championship 2017 results 

Men’s Team

Himasha Eashan (100m)

Vinoj Suranjaya de Silva (Subject to fitness – 100m, 200m)

 

Ajith Premakumara (400m)

Rusiru Chathuranga (800m)

Hemantha Kumara (1500m)

Sumedha Ranasinghe (Javelin Throw)

Prasad Wimalasiri (Long Jump)

Danushka Sandaruwan (Long Jump)

Greshan Dhananjaya (Triple Jump)

Women’s Team

Nadeesha Ramanayaka (400m, 4x400m)

Nimali Liyanarachchi (800m, 4x400m)

Gayanthika Abeyrathne (800m, 4x400m)

Vidusha Lakshani (Triple Jump)

Nilani Rathnayaka (3000m Steeple Chase)

Dilshi Kumarasinghe (4x400m)

Upamalika Rathnakumari (4x400m)

 

Exit mobile version