Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

මීටර් 800 ක්‍රීඩිකාවන් තිදෙනෙකු පරිසාධන මට්ටම පසුකරයි.

ජාතික තේරීම් තරගාවලිය 2019:  තරගාවලියේ දී සුපිරි දක්ෂතා පිළිබිඹු වූ ඉසව්වක් ලෙස මීටර් 800 කාන්තා අවසන් තරගය දැක්විය හැකිය.

එළඹෙන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ පරිසාධන මට්ටම වූ මිනින්තු 2:04.50 ක කාලයට අඩුවෙන් කාලයන් වාර්තා කිරීමට මෙහි දී ක්‍රීඩිකාවන් තිදෙනෙකු සමත් විය.

තරගාවලියේ තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න

නිමාලී ලියනාරච්චි පුද්ගලිකව දෙවැනි හොඳම කාලය වාර්තා කරමින් තත්පර 2.02.83 ක කාලයක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා වාර්තාව හිමි ගහන්තිකා අබේරත්න මිනිත්තු 2.03.36 ක කාලයක් වාර්තා කලාය.

තුන්වැනි ස්ථානය දිනාගත් පසුගිය ආසියාවු කණිෂ්ඨ තරගාවලියේ පදක්කම් ලාභිනියක වූ ඩිල්ශී කුමාරසිංහ පුද්ගලික හොඳම කාලය ලෙස 2.04.23 ක කාලයක් වාර්තා කිරීමට සමත් වූවාය.

සිව්වැනි ස්ථානය හිමිකගත් එන් චම්පිකා දිල්රුක්ෂීට පරිසාධන මට්ටම අහිමි වුනේ තත්පර දශමයකිනි 1 කිනි.

ඇය වාර්තා කළ කාලය මිනිත්තු 2.04.51 ක් වේ.

තරගයේ ප්‍රථිඵල සටහන හා වීඩියෝව පහතින් නරඹන්න

FIRST NATIONAL SELECTION TRIAL 2019
### BIB NO: PLAYER NAME PERFORMANCE REMARKS
1 581 WKLA NIMALI SL AIR FORCE 2:02.83
2 553 GTA ABERATHNA SL NAVY 2:03.36
3 478 KGDMS KUMARASINGHE KANDY DAA 2:04.23
4 506 NMC DILRUKSHI SL ARMY 2:04.51
5 570 KAD SANDAKANTHI SL AIR FORCE 2:11.87
6 616 K SHANIKA LAKSHANI KEGALLE DAA 2:12.23
7 558 AAN SANJEEWANI SL AIR FORCE 2:14.66
8 564 KGMNA KUMARI SL AIR FORCE 2:17.98
9 509 KAN HANSANI SL ARMY 2:30.54
Exit mobile version