Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

සඳනුවන්, සුජානි ජාතික මැරතන් ශූරතාව ජයගනී

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරග අද (13) දින කුරූනෑගල පාදෙණියේදී පැවැත්විණි. මෙහිදී පිරිමි ප්‍රථම ස්ථානය පැය 2යි විනාඩි 26යි තත්ත්පර 23ක කාලයකින් තරගය නිමා කළ බස්නාහිර පළාත නියෝජනය කළ ඩී. ජී. ඩී. සඳනුවන් විසින් දිනාගත් අතර කාන්තා ප්‍රථම ස්ථානය පැය 2යි විනාඩි 55යි තත්ත්පර 3ක කාලයකින් තරගය නිමා කළ බස්නාහිර පළාත නියෝජනය කළ සුජානි පෙරේරා විසින් දිනාගනු ලැබිණි.

පිරිමි දෙවන තුන්වන ස්ථාන පිළිවෙළින් බස්නාහිර පළාත නියෝජනය කළ එස්. ටී.ගුණසේකර සහ මහේෂ් ගුණතිලක විසින් දිනාගත් අතර බස්නාහිර පළාත නියෝජනය කළ කුමාරි ප්‍රනාන්දු සහ සබරගමුව පළාත නියෝජනය කළ නිසන්සලා බණ්ඩාර විසින් දිනාගනු ලැබිණි.

පිරිමි කණ්ඩායම් ශුරතාව බස්නාහිර පළාත වෙත හිමිවූ අතර එහි අනු ශුරතාව උතුරු මැද පළාත වෙත හිමි විය. මෙවර කාන්තා ශුරතා හා අනුශුරතා සඳහා කිසිදු පළාතක් සුදුසුකම් ලබා නොතිබීමද විශේෂත්වයකි.

Exit mobile version