වාර්තා පිට වාර්තා සමගින් යුද හමුදා ඔලිම්පික් උළෙල අවසන් වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට වැඩි ගෞරව හිමිකර දෙමින් යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය අති උත්කර්ෂවත් අන්දමින් අද අවසන් විය.

මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය පෝෂණය කරන යුද හමුදාවේ අන්තර් රෙජිමේන්තු තරගාවලිය, මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් දිනා ගන්නා තරගාවලියකි.

තරගාවලියේ ප්‍රතිඵල මෙතැනින් 

දින තුනක් පුරා දියගම ක්‍රීඩාංගණයේ දී පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකා වාර්තා දෙකක් හා තරගාවලි වාර්තා 12 ක් බිඳවැටීම විශේෂත්වයක් විය.

තුන් පිම්ම පිරිමි ඉසව්වෙ ජාතික ශූර සංජය ජයසිංහ මීටර් 16.39 ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගනිද්දී, මීටර් 1500 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ගැමුණු හේවා බල ඇණි කණ්ඩායමට හිමිවිය.

මේ අතර, මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දුර පැනීමේ ඉසව්වෙන් වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව දැක්වීමට යුද හමුදා සංඥා බලකායේ ප්‍රසාද් විමලසිරි සමත්විය.

ඔහු මීටර් 8.13 ක දක්ෂතාවක් දැක්වුව ද +3.3 ක සුලං තත්වයක් යටතේ එම දක්ෂතාව දැක්වීම හේතුවෙන් වාර්තා අතරට එක් නොවින.

එසේම මෙරට මෙන්ම දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වූ හිමාෂ ඒෂාන් පරාජය කරමින්, මීටර් 100 ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කරන යුපුන් අබේකෝන් ක්‍රීඩකයායි.

ඊට අමතරව බිඳ වැටුණු තරගාවලි වාර්තා පහත පරිදි වේ.

Long Jump Men S/284373 Wimalasiri DAGJP SLSC
8.13 M w3.3, 7.91M
Triple Jump Men S/157206 Jayasingha IDSS SLA 16.39 M
400M Hurdles Men S/629624 Chathuranga SMA SLEME 51.37 SEC
Javelin Throw Men S/578696 Ransingha DS SLASC 78.70 M
4 x 800M Men
S/M100861, S/M100621, S/629058, S/M100027
SLEME 7:29.6 Min
4 x 1500M Men
S/431904, S/417487, S/430397, S/432592
GW 15:51.3 Min
400M Hurdles Women S/2014VFRD86398 Madhushani EK 6(v)SLAWC 1:01.19 Min
10000M Women S/73934 Kumari KK 2(v) SLAWC 37:35.2 Min
10000M RW Women S/R100427 Madhirika UVK 6(v)SLAWC 51:45.33 Min
3000M St Che Women S/725333 Rathnayaka UKN 7 SLAWC 10:13.12 Min
400M Women S/R100266 Rathna Kumari EMU 5(v)SLAWC 53.68 Sec
4 x 800M Women
S/R101347, S/R100844, S/2015VFRD89171, S/2013VFRD77526
6(v)SLAWC 9:36.7 Min

[srizonfbalbum id=4]

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org