Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 12 ක්

ආසියානු ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම්කර තිබේ.

මෙවර තායිලන්තයේ, බැංකොක් නුවරදී පැවැත්වෙන තරගාවලිය ලබන 20 වැනි දා සිට 23 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේදී, ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් කිහිපයක් හිමිකරගැනීමේ අවස්ථාව ද හිමිව තිබේ.

පසුගිය වර ප්‍රථිඵලයට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම රන් පදක්කම් ලබා ගත හැකි දක්ෂතා දක්වා තිබේ.

තරගාවලියේ කාල සටහන ඇතුළු තොරතුරු සඳහා පිවිසෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම

සුරාජ් දිනූෂ – මොරකැටිය විද්‍යාලය, ඇඹිලිපිටිය (මීටර් 100)
ශාලික සන්තූෂ් – ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොටහේන (මීටර් 200)
රවිශ්ක ඉන්ද්‍රජිත් – ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය,, කොටහේන (මීටර් 400)
හර්ෂ කරුණාරත්න – ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල (මීටර් 800)
ශෙහාන් කාරියවසම් – ශාන්ත ජෝසප් විද්‍යාලය, මරදාන (මීටර් 110 කඩුලු)
නවෝද්‍ය සංකල්ප – මහින්ද විද්‍යාලය, ගාල්ල (මීටර් 400 කඩුලු)
චනුක කස්තුරිආරච්චි – ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස (උස පැනීම)
ප්‍රමෝද් මධුභාෂණ – මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව (දුර පැනීම)
චාරුක රුක්ෂාන් – ශාන්ත මරියා විද්‍යාලය, හලාවත (හෙල්ල විසිකිරීම)

සචිනී දිව්‍යාංජලී – ලයිසියම් ජා.විද්‍යාලය, වත්තල (මීටර් 100,200)
සඳුමිණි බණ්ඩාර, ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල (මීටර් 400)
අස්මිකා හේරත් – කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය – (මීටර් 2000 කඩුලු, මීටර් 3000)

 

Exit mobile version